Sunday, April 20, 2014


අප්පේ අපි කොහොමින් කොහොම හරි 7 වෙනි එකටත් එහෙනම් ආවා. හදවතින්ම සන්තෝසයි. කට්ටියට බලපු ටික දිරවලා ඇති කියලා හිතනවා. මම හිතන විදිහට මේක තමයි The Walking Dead 2 වන කථා මාලාවේ හොදම කොටස. මේක බැලුවට පස්සේ එන හැගීම ගැනනම් කියලා නිම කරන්න බෑ. එහෙනම් තවත් පල් හෑලි කුමටද? කදවුරේ උදේ කෑම ගන්න වෙලාවේ ඩේල් කිව්වා ග්ලෙන්ට ගොවිපළේ ඇවිදින මළමිණි ඉන්නවා කියලා අනිත් අයට කියන්න කියලා. කණ්ඩායමේ අනිත් අය පොඩ්ඩක් මේ ගැන කරන්නේ මොකක්ද කියලා රණ්ඩු වුණා. රික් අපි හර්ෂල් ගේ අමුත්තෝ සහ සොෆියාව හොයන්න ඕන කියලා කියද්දිත් ෂේන්, මේ ගොවිපළ හිස් කරමු කියලා කිව්වා. ඩැරිල් එක්ක ගොඩක් තරහින් කථා කරමින් ෂේන් කිව්වේ සොෆියා ගොඩක් කාලෙකට කලින් ගිහින් කියලා. රික්නුත් මේ ගොවිපළ හිස් කරන්න ඕන කියලා එකග වුණා. ඒත් ඔහු පළමුව හර්ෂල් ගේ ස්ථීර අවසරය ගන්න හිතුවා.
ග්ලෙන් ඇවිදින මළමිණි ගැන කණ්ඩායමේ අනිත් අයට කියලා මැගීගේ විශ්වාසය කැඩුවා. ග්ලෙන් ඇය ඉදිරියට ඇවිත් කිව්වා ඇගේ පෞද්ගලික සතුට හා සෞඛ්‍ය ඔවුන් දෙපළගේ ආදරයට වඩා වටිනවා කියලා. ඩැරිල් සොෆියාව හොයන්න ලෑස්ති වෙද්දී, සොෆියාගේ අම්මා(කැරල්) ඔහුට කිව්වා කැළයට යන්න එපා කියලා. ඔහු තරහවෙන් පිළිතුරු දුන්නා. චෙරෝකි මල මතකද? අර සුදු පාට සහ සුවදවත් රෝස මල. ඉතින් ඩැරිල් පසුව කැරල්ව චෙරෝකී රෝසමලක් පිපිලා තිබ්බ පොකුණකට රැගෙන ඇවිත් සමාව ඉල්ලුවා. රික්, හර්ෂල්ගේ දවල් කෑමට බාධා කරමින් ගොවිපළ ගැන කථා කරන්න පටන්ගත්තා. හර්ෂල් තදින්ම කිව්වා රික්ගේ කණ්ඩායම සතියක් ඇතුලට යන්න ඕන කියලා. රික් කිව්වා කණ්ඩායම එළියට යාම කියන්නේ මරණ දඩුවමක් කියලා. ෂේන්ට මේ ගොවිපළ ගැන අභිරහස තාමත් හිතාගන්න බැරිව ඉදිද්දී රික් ඔහුව හොයාගත්තා. දෙන්නා පොඩ්ඩක් තරහින් කථා කරගෙන යද්දී රික් කිව්වා ලෝරි ගැබ්ගෙන කියලා. ෂේන් ඔහුට සුභ පැතුවා. ඒ වෙලාවේ රික්ගේ පණිවිඩය නිසා ෂේන් බය වෙලා සහ කම්පනයකින් හිටියේ.
මැගීට මුහුණ දීමෙන් පසු, හර්ෂල් සහ ජිම්, රික්ව ඇවිදින මළමිණි මඩේ හිරවෙලා හිටපු මඩ වගුරකට අරගෙන යනවා. රික්ගේ කණ්ඩායමට ඉන්න ඕනනම්, ඇවිදින මළමිණිලට මිනිසුන්ට වගේ සලකන්න ඕන කියලා හර්ෂල් රික්ට කියනවා. ඉතින් ෂේන් ලොරිගේ බබාගේ තාත්තා කියලා හිතාගෙන ලෝරිගේ පවුලේ සතුට සහ නිරෝගිකම පිළිබදව කථා කරනවා. ලෝරි කියනවා ඒක බොරුවක් කියලා. කාල් විසින් ෂේන්ට කියනවා ඔවුන්ගේ කණ්ඩායම මෙහේ නැවතිලා සොෆියාව හොයන්න ඕන කියලා. ෂේන් කියනවා ඔවුන් නවතින්න ඕන දෙයක් කරනවා කියලා. ලෝරි දුර ඉදන් බලාගෙන ඉන්නවා ෂේන් සහ කාල් කථා කරනවා. ඩේල් ඇන්ඩ්‍රියා සමග කථා කරත්, ඔහුට සාර්ථක ලෙස ෂේන්ගේ අනවශ්‍ය හැසිරීම ගැන ඇයට අනතුරු අගවන්න බැරි වෙනවා. ග්ලෙන්ගේ අවධානේ වෙන පැත්තකට යවලා, ඩේල් ආයුධ ටික හොරකම් කරගෙන ලොරියෙන් පිටවෙනවා. ෂේන් තේරුම්ගන්නවා ආයුධ නැතිවෙලා කියලා. ඊට පස්සේ ඔහු ඩේල් ඉන්න තැනට යනවා. ඩේල් විසින් ෂේන් තුවක්කු ගත්තොත් ඔහුට වෙඩි තියෙනවා කියලා කියනවා. ෂේන් කියනවා ඔහු කරන්න හදන්නේ නැති දේ ඔහු කරයි කියලා. ඊට පස්සේ ඩැරිල්, ෂේන් දෙස යොමු කරපු තුවක්කුව පහත හෙලනවා.
ෂේන් තුවක්කු ටික අරගෙන ගොවිපළට යනවා. ටී-ඩෝග් දකිනවා රික්නුයි හර්ෂල්නුයි කැලෑවේ ඉදන් ඇවිදින මළමිණි දෙන්නෙක් පොල්ලක ගැටගහගෙන එනවා. ෂේන් කෑගහලා කියනවා මොවුන් මිනිස්සු නෙවේ කියලා. ඉතින් ඔහු එක ඇවිදින මළමිණියෙක්ට ඔලුවෙන් පහල වෙඩි තියලා කියනවා පණ තියෙන කෙනෙක්ට මෙහෙම වෙඩි තිබ්බම ඇවිදගෙන එන්නේ කොහොමද කියලා. ඉතින් ඔහු ගොවිපළේ අගුල කඩනවා. ඊට පස්සේ ඇවිදින මළමිණි එකා පිට එකා එන්න පටන්ගත්තම ෂේන්, ඇන්ඩ්‍රියා, ටී-ඩෝග්, ඩැරිල් සහ ග්ලෙන් ඔවුන්ට වෙඩි තියනවා. හරි හරි ඔච්චරයි. දැන් ඉතින් ඉක්මණටම මේකත් බලන්න. එහෙනම් 8 වෙනි එකෙන් හමුවෙමු. එහෙනම් මට යන්න අවසර. ඔයාලගේ පුංචි අදහසක් වෙනදා වගේ අනිවාරෙන්ම බලාපොරොත්තු වෙනවා.
                                           මෙතනින් බාගන්න 

No comments:

Post a Comment